BREAKING NEWS
Search

මනුෂ නානායක්කාර පවුල පිටින් රටින් පිටවෙයි..? – ගියේ සංචාරයකට – හිතවතුන්

168

පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන මනුෂ නානායක්කාර මහතා රටින් පිටව ගොස් ඇති බව සමාජ ජාලවල වාර්තා පල වෙයි.

ඔහු ස්විට්සර්ලන්තය ගොස් ඇති බවත් අනතුරුව වෙනත් යුරෝපා රටකට ගොස් ඇති බව ද සඳහන් වෙයි.

හිටපු අමාත්‍යවරයා පළමුව රටෙන් පිටව ගොස් ඇති අතර ඉන් අනතුරුව බිරිඳ සහ දරුවන් එරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඔහුගේ සමීපතමයෙකුගෙන් කල විමසීමකදී පැවසුවේ වසර අවසානයේ පුද්ගලික සංචාරයක් සදහා පමණක් විදෙස්ගතව ඇති බවත් නුදුරේදීම ලංකාවට එනු ඇති බවත්ය.

විදේශ රැකියා ලබාදෙන බවට පුද්ගලයන්ට රවටමින් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වීම මත ඔහුගේ සහෝදරයා මේ වන විට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Source: Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!