BREAKING NEWS
Search

දේශබන්දුට බෝගම්බරත් නිවනක් නෑ – CID දීර්ඝ ප‍්‍රශ්ණ කිරීම්..!

237

දුම්බර බන්ධනාගාරයට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර කට උත්තරයක් සටහන් කරගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

අධිකරණයේ විශේෂ නියෝගයක් අනුව තෙන්නකෝන් මහතාගෙන් දින හතරක් මෙසේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බව එම බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මාතර ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මරුමුවට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණය විසින් ලබන මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.

ඔහු එම බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින්නේ විශේෂ සිරමැදිරියකය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඇතුළු පාර්ශ්වකරුවන් නව දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සේවා කටයුතු අත්හිටුවමින් පසුගිය වසරේ ජූලි මස 24 වැනිදා නියෝගයක් නිකුත් කළේය.

ජේ. ඒ. එල්. ජයසිංහ
ෂේන් සෙනෙවිරත්න




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!