වසර 40ක් පාසල් ගිය මගේ තාත්තා❤️ (දූගේ සීයා)..
දූ පමණක් නොව අපවද හැඩවූ සීයාගේ ලියුම
අද දුවගෙ O/L අවසන් දවස. මේ ඡායාරූප ගත්තේ ගෙදර පැමිණි මොහොතේ…..
දුව පාසල් ගිය වසර 11යි, පෙර පාසල් ගිය වසර 3යි එක්ක අවුරුදු 14ක්ම උදෑසන පාසලට රැගෙන ගියේත්, දහවලට ගෙදර රැගෙන ආවේත් සීයා විසින්. මේ තම නොනිමි මෙහෙවරේ සුවිශේෂී කඩඉමක් අවසන් කළ සීයා, දුවව වැළදගත් අවස්ථාව.
මීට අමතරව උපකාරක පංති, swimming ආදියටද මේ දායකත්වයම ලබාදුන්නේ සීයායි. දුවගේ හොදම ආරක්ෂකයා ඔහුයි. දුවට අද දක්වාම වැඩිම වේල් ගණනාවක් කෑම කවා ඇත්තේද සීයායි. (හැකිනම් තුන් වේලටම කවයි) ඔබේ මෙහෙවර අසමසමයි. ඔබ ගත් කළ අති විශිෂ්ට සැමියෙකි. අති විශිෂ්ට පියෙකි. අති විශිෂ්ට සීයා කෙනෙකි.අති විශිෂ්ට මිනිසෙකි. නුඹ වැන්නවුන් විරලය.
ඔබ ඉදිරියේ දණ නමා, හිසද නමා මා සහ බිරිද පිරිනමන මේ Digital උපහාරය පිලිගන්න🙏🙏🙏
( ආච්චීගේ මෙහෙවරද ගෞරවයෙන් සිහිපත් කරමි)
මේ ඡායාරූප සමගින් ඇති, ඔබ අද ගෙදර ආ විගස දුවට දුන් ලිපිය කියවා ඇය පමණක් නොව අපිද හැඩුවෙමු❤️
(ඔබ පාසල් ගිය දහතුන් වසරයි, මාව පාසල් රැගෙන ගිය 13 වසරයි, මගේ දුවව රැගෙන ගිය 14 වසරයි සමගින් දැනට ඔබ 40 වසරක් පාසල් ගොස් ඇත)