BREAKING NEWS
Search

දළදා දැක්මේ හමුදා නිලධාරියාට බැණ පැන්නූ පොලිස් නිලධාරියාට එරෙහිව විමර්ශනයක්..!

187

පොලිස් නිලධාරියෙකු විසින් යුද හමුදා නිලධාරියෙකුට බැණ වඳින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.

මෙම වීඩියෝ පටය වැඩබලන පොලිස්පතිතුමාගේ අවධානය යොමු වීමෙන් පසු මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝග ලබා දී ඇත.

ඒ අනුව වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරි විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම විමර්ශනයේදී අනාවරණය වන කරුණු අනුව අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *