BREAKING NEWS
Search

මා දුරු ඔය ජලාශයෙන් සමුගත් කඩවසම් විරුවන් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න.

1806

බෙල් 212 යානය, අද උදෑසන මාදුරු ඔය ජලාශයට කඩා වැටුණා.. ඒ සිද්ධියෙන් 06 දෙනෙකුට දිවි අහිමි වූ අතර, පසිඳු ප්‍රනාන්දු ඒ අය අතර වුණු තවත් කෙනෙක් වුණා… ඔහු ගැන සමාජ මාධ්‍ය තුළ මේ ගෙවුණු හෝරා කිහිපය තුළ විවිධ දෙනා කතා වුණා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..

පසිඳු ප්‍රනාන්දු, මේ අනතුරෙන් ජීවිතයට සමුදුන් තවත් එක් සෙබලෙක්..

ඔහුගේ ජීවිතය මේ තරම් ඉක්මනින් උදුරාගන්නා හදිසි අනතුරක් සිදුවේවි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති..

තම වෘත්තියට ඔහු දක්වන ආදරය සේම ගෞරවය පසිඳුව මේ තරම් දුරක් ගෙන ආවත් අද ඔහු නිහඬ වෙලා.. පාසල් යන කාලයේදී වගේම ඉන් එහාට ගිහින් වෘත්තීය ජීවිතය පවා ජයගනිමින් හොඳ ගමනක් ගිය මේ මිතුරා වෙනුවෙන් මුහුණු පොතේ සටහන් ගොඩක් පළවෙලා තිබුණා..

ඔහුගේ කරුණාව, ශක්තිය සහ ක්‍රීඩාශීලීත්වය කිසිදා අමතක නොවන්නා සේම පසිඳු බොහෝ දෙනෙක්ගේ හදවත්වල වීරයෙක් වුණා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *