BREAKING NEWS
Search

මහා ශ‍්‍රමදානයෙන් පසු පාර්ලිමේන්තුවේ අලුත් කතානායක, සභානායක මෙන්න..!

342

දස වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පත් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

බිමල් රත්නායක මහතා ජාතික ජන බලවේග ජාතික ලයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතය.

එමෙන්ම මීළඟ පාර්ලිමේන්තුවේදී සභා නායකවරයා වශයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා පත් කිරීමටද යෝජනා වී තිබේ.

පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම එළඹෙන විසි එක්වෙනිදා පැවැත්වෙයි.

ස්ථාවර නියෝගයන් අනුව පාර්ලිමේන්තුව ආරම්භක දිනයේම කථානායකවරයා හා නියෝජ්‍ය කතානායකවරයා ඇතුළු ප්‍රධාන තනතුරු වලට පත් කර ගැනීම සිදු කළ යුතු වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!