BREAKING NEWS
Search

මාලිමා කැබිනෙට්ටුව පත් කරන්න ලෑස්තියි…!

193

එළඹෙන 18 වෙනිදා නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට නියමිත බව ජාතික ජනපදවියගේ අනුරාධපුර දිස්ත‍්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

21 වැනිදා නව පාර්ලිමේන්තුව කැඳවන බවද හෙතෙම කියා සිටී.

ජනතාව විසින් මෙවර පාර්ලිමේන්තුවට ජාතික ජන බලයේගයේ එකසිය හැටක් මන්ත්‍රී ධුර ලබා දෙමින් වගකීම් ඉටු කර ඇති බවද හෙතෙම පවසයි.

එමෙන්ම ආණ්ඩුවද දියුණු රටක් ගොඩනැගීමේ කාර්යා වහාම ආරම්භ කරන බවත් හෙතෙම පැවසීය.

උපරිම වශයෙන් ඇමතිවරුන් විසි පස්දෙනෙකුගෙන් මෙම කැබිනට් මණ්ඩලය සමන්විත වනු ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරුන් විසිපස්දෙනෙකුද උපරිමව පත් කිරීමට නියමිතව තිබේ.

රාජ්‍ය අමාත්‍යවරුන් හෝ කැබිනට් නොවන ඇමතිවරුන් කිසිවකු නව රජ යටතේ පත් නොකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා මෑතකදී කියා සිටියේය.

නව පාර්ලිමේන්තු සැසි වාරය එළැඹෙන විසි එන් නැනිදා ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.

ඒ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *