ඉරානයේ හිටපු ජනාධිපතිවරයෙකු වන Mahmoud Ahmadinejad සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ විදෙස් පුවත් මාර්ගයන්හි පළවූ වාර්තා කිහිපයක් මේ වනවිට විශාල සංවාදයක් ඇති කර තිබේ.
ටෙහෙරාන් අගනුවරට එල්ල වූ බව කියන ඊශ්‍රායල සහ අමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් අහමදිනෙජාද් සහ ඔහුගේ ආරක්ෂකයන් තිදෙනෙකු මියගොස් ඇති බවට මුල් වාර්තා පැතිර ගියද, ඒවා තහවුරු කළ නිල ප්‍රකාශයක් තවමත් නිකුත් වී නොමැත.
එම අතර, කටාර් මූලස්ථානය කරගත් ජාත්‍යන්තර මාධ්‍ය ජාලය වන Al Jazeera ඇතුළු ප්‍රමුඛ පෙළේ මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත්තේ අහමදිනෙජාද් ජීවතුන් අතර සිටින බවයි.
මෙම පරස්පර වාර්තා හේතුවෙන් තත්ත්වය පිළිබඳ පැහැදිලිත්වයක් ලබාගැනීම සඳහා ඉරාන බලධාරීන්ගෙන් නිල ප්‍රකාශයක් අපේක්ෂා කරයි. තොරතුරු තවදුරටත් යාවත්කාලීන වෙමින් පවතින අතර, විශ්වාසනීය මූලාශ්‍ර හරහා තහවුරු කරන ලද පුවත් පමණක් භාවිතා කිරීම වැදගත් බව විශේෂයෙන් අවධාරණය කළ යුතුය.







