ඉරානයේ උත්තරීතර නායක Ali Khamenei ඝාතනයට ලක්වීමට පෙර සිදුකළ අවසන් ප්‍රසිද්ධ කතාව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එය දැඩි ආන්දෝලනයක් ඇති කළ ප්‍රකාශ මාලාවක් බවයි.
වොෂින්ටනය සහ ටෙහෙරානය අතර උණුසුම් වක්‍ර සාකච්ඡා පැවැති සමයකදී මෙම කතාව සිදුකර ඇති අතර, එහිදී කමේනි ඉරානයේ ආරක්ෂාව සහ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ දැඩි ස්ථාවරයක් ප්‍රකාශ කර තිබුණි.
ඔහු සඳහන් කර තිබුණේ, “ඉරානයට තම ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලුම හැකියාවන් තිබිය යුතුයි. එසේ නොවුවහොත් සතුරන් අපව යටත් කිරීමට උත්සාහ කරනු ඇත” යනුවෙනි. න්‍යෂ්ටික අවි ජාතියේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය බවත්, එය සම්බන්ධයෙන් විදේශ බලපෑම් පිළිගත නොහැකි බවත් ඔහු අවධාරණය කර තිබේ.
තවද, ඇමරිකාව විසින් ඉරානයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම ගැනද ඔහු විවේචනය කර ඇත. “අප සතු අවි සහ න්‍යෂ්ටික බලය ගැන ප්‍රශ්න කිරීමට අමෙරිකාවට ඇති අයිතිය කුමක්ද?” යන ප්‍රශ්නයද ඔහු එහිදී මතු කර තිබේ.
එසේම, ලෝකයේ ශක්තිමත්ම හමුදාවක් ඇත්තේ තම රටට බව අමෙරිකානු ජනාධිපති පවසන නමුත්, “ශක්තිමත්ම හමුදාවක් වුවත් දැඩි අතුරු පහරකින් බිමට වැටෙන්න පුළුවන්” යනුවෙන්ද ඔහු අනතුරු ඇඟවීමක් කර තිබුණි.
මෙම ප්‍රකාශ මාලාව ඔහුගේ අවසන් ප්‍රසිද්ධ කතාව ලෙස සැලකෙන අතර, එය මැදපෙරදිග කලාපයේ දේශපාලන උණුසුම තවදුරටත් වැඩි කළ අවස්ථාවක් ලෙස විශ්ලේෂකයන් සලකා බලයි.







