BREAKING NEWS
Search

පාරේ ඉන්න සතුන්ගේ බඩගින්න නිවන්න ග්‍රීසියේ උද්‍යාන වල සවිකල අපූරු මැෂිම

145

මහමඟ ඉන්න අහිංසක සත්තුන්ගේ බඩගින්න නිවන්න ග්‍රීසියේ 🇬🇷 අපූරු වැඩසටහනක් පටන් අරන් තියෙනවා. ඒ තමයි මහජන උද්‍යානවල ඉබාගාතේ යන බල්ලන්ට සහ පූසන්ට කෑම දෙන ඔටෝමැටික් මැෂින් හයිකරපු එක. මේක ඒ අසරණ සත්තුන්ට කරන ලොකුම උදව්වක් විදිහටයි හැඳින්වෙන්නේ.

මේ මැෂින් වලින් සත්තුන්ට ඕනේ කරන කෑම වගේම පිරිසිදු වතුරත් නියමිත වෙලාවට ලැබෙනවා. සමහර මැෂින්වල සෙන්සර් පවා තියෙන නිසා කෑම නාස්ති වෙන්නෙත් නැහැ. ඒ වගේම නගර සභාවේ වැඩ කරන අයයි, ස්වේච්ඡාවෙන් උදව් කරන අයයි එකතුවෙලා මේ මැෂින් වලට කෑම සහ වතුර පුරවලා නඩත්තු කරනවා.

මේ වැඩේ නිසා උද්‍යාන අපිරිසිදු වෙන එකත් සෑහෙන්න දුරට නැවතිලා තියෙනවා. ඒ වගේම බඩගින්නේ පාරවල් ගානේ දුක් විඳපු අහිංසක සත්තුන්ට හැමදාම බඩපිරෙන්න කෑම ටිකකුත් ලැබෙනවා. සත්තුන්ට ආදරේ කරන අයට නම් මේක ඇත්තටම හිතට සතුටක් ගේන ආරංචියක් වේවි

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!