ශ්‍රී ලංකාවට දකුණු මුහුදු සීමාවේ සිදුවූ බවට කියන ඉරාන යුද නෞකා අනතුර සම්බන්ධයෙන් නව තොරතුරු කිහිපයක් විදෙස් මාධ්‍ය මගින් හෙළිවී තිබේ.
ඒ අනුව, එම නෞකාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම භාරගත් බව ඇමරිකානු පාර්ශවය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඇමරිකානු යුද ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ඉන්දියන් සාගර කලාපයේ, ශ්‍රී ලංකාවට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ ඉරාන යුද නෞකාවකට තම හමුදාව විසින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කළ බවයි.
එම ප්‍රහාරය හේතුවෙන් නෞකාව මුහුදුබත් වූ බවද ඔහු සඳහන් කර ඇත.
මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන කිහිපයක්ද ඇමරිකානු පාර්ශවය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳව ඉරාන බලධාරීන්ගෙන් හෝ ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් වී නොමැති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය විය හැකි බවත් සඳහන් වේ.







