BREAKING NEWS
Search

කොළඹ සමාජ ශාලාවකට පාතාල කල්ලියක් පැන සේවයන්ගේ හිස් බූ ගා කාන්තා ඇදුම් අන්දා නටවයි…

2953

 

 

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි, කලකට පෙර මිය ගිය ජනප්‍රිය රූපවාහිනී ටෙලි නාට්‍ය නළුවෙකුගේ පුත්‍රයාට අයත් රාත්‍රී සමාජ ශාලාවක් ඉලක්ක කර ගනිමින්, පාතාල ක්‍රියාකාරකම් හා සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අසාමාන්‍ය දඬුවමක් ලබා දී පලා ගොස් ඇත. ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකු මෙම සිදුවීම තහවුරු කළේය.

ඩුබායිහි සැඟවී සිටින බව කියන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වැල්ලේ සාරංග නමැත්තාගේ ප්‍රධාන ගෝලයන් පිරිසක් පැමිණ මෙම ක්‍රියාව සිදුකර ඇති බවට වැඩිදුරටත් තොරතුරු ලැබී තිබේ.

අදාළ රාත්‍රී සමාජ ශාලාවේ සේවය කළ සේවකයන් තිදෙනෙකුට මෙම කණ්ඩායම විසින් මෙම අමුතු දඬුවම ලබා දී තිබේ. ප්‍රථමයෙන් ඔවුන්ගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම කපා බූ ගා දැමූ මැර කණ්ඩායම, අනතුරුව එම සේවකයන්ට කාන්තා ඇඳුම් අන්දවා, මල් මාලා දමා, බලහත්කාරයෙන් නටවා විනෝද වී ඇති බව පැවසේ.

මෙම අමානුෂික දඬුවම් ලබා දෙන අවස්ථාව, එම කණ්ඩායම විසින් වට්ස්ඇප් ඔස්සේ ඩුබායි හි සිටින බව කියන වැල්ලේ සාරංග නමැත්තාට සජීවීව නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බවටද වාර්තා වේ.

වාර්තා වන ආකාරයට, මීට පෙර අවස්ථාවකදී වැල්ලේ සාරංගගේ ගෝලයන් කිහිප දෙනෙක් එම සමාජ ශාලාවට පැමිණි විට ඇති වූ ගැටුමකට පලිගැනීමක් ලෙස මෙම සේවකයන් තිදෙනාට මෙලෙස දඬුවම් කර ඇත.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *