BREAKING NEWS
Search

ප්‍රතිදේහ එන්නත් වල තිබිලා තියෙන්නේ විෂ බැක්ටීරියා සහ ලුණු වතුර – නීතිපති අධිකරණයට දැනුම් දෙයි

1552

රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ ‘ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්’ ද්‍රාවණවල තිබී ඇත්තේ මිනිස් ශරීරයට අහිතකර බරපතළ ගණයේ බැක්ටිරියා සහ ලුණු බව ජර්මනියේ රසායනාගාර පරීක්ෂාවකින් තහවුරු වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අද (19) අධිකරණය හමුවේ අනාවරණ කළාය.

ඒ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් රැසක් සැකකරුවන් බවට පත්වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ නඩුව අද අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය.

අදාළ විමර්ශන අවසන් කළ බව නීතිපතිවරයා අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.

මේ පිළිබඳ වැඩිවිස්තර වීඩියෝවෙන් නරඹන්න




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!