BREAKING NEWS
Search

මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය බාරගන්න අපි පිටතින් ඉඳගෙන හීනයක්වත් දකින්න හොඳ නෑ..ආණ්ඩුව හදපු මිනිස්සුන්ට ඒවා ලැබෙන්න ඕනේ.! – SF

320

වත්මන් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යධුරය ලබා දුනහොත් එය බාර ගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එවැනි වගකීමක් තමන්ට භාරදෙනවා නම් එය භාර ගැනීමට අකමැත්තක් නොමැති බවය.

නමුත් තමන් අනුර කුමාර ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා දායක නොවූ බැවින් තමන්ට එවැනි වගකීමක් ඉල්ලීමට අයිතියක් නොමැති බවද ඔහු සඳහන් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *