BREAKING NEWS
Search

රනිල්ට, පිල්ලෙයාන් එක්ක තියෙන ගණුදෙනුව කුමක්ද..? අත් අඩංගුවේ ඉන්න මිනිහෙක් එක්ක කතා කරන්න තියෙන උවමනාව මොකක්ද..?

35

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ බව තහවුරු කළේ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දැනට අත්අඩංගුවේ සිටින සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග දුරකථන මාර්ගයෙන් කතා කිරීමට අවස්ථාව දෙන ලෙසට පසුගිය 9 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වුවත් අදාළ ඉල්ලීමට අවස්ථාවක් නොදුන් බවත්, එලෙස රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු සමග දුරකථනයෙන් කතා කිරීම නීතිවිරෝධී බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හමුවීමට අවස්ථාව දුන් බව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සිවනේෂතුරෙය් චන්ද්‍රකාන්තන්ගේ නීතිඥවරයා ලෙස උදය ගම්මන්පිල කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ ඉල්ලීමට අවස්ථාව දුන් බවයි.

නැගෙනහිර විශ්වවිද්‍යලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව පසුගිය 8 වැනිදා අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිනවා.

2006 වසරේ දෙසැම්බර් 15 වැනිදා මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැර ගැණුනු අතර එම අතුරුදන් වීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 18කට පසුව වීම විශේෂත්වයක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *