ජනාධිපති පොදු සමාව යටතේ අනීතිකව අනුරාධපුර බන්ධනාගාරයෙන් මුදාහැරි ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නැමැත්තාට අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා විසින් බරපතළ වැඩ සහිතව වසර 07ක සිරදඬුවමක් නියම කර තිබේ.
ඒ කූඨ ලේඛනයක් සකස් කර බැංකුවකින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන එම මුදල සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙනි.
බැංකුවකින් මුදල් ලබා ගැනීමට භාවිත කරන ලේඛනයක් කූඨ ලෙස සකස් කර මුදල් ලබා ගැනීමේ චෝදනාව යටතේ වසර පහක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් මෙසේ නියම කෙරිණි.
ඊට අමතරව, මෙම නඩුවේ පැමිණිලිකාර වෛද්‍ය එස්.ඩබ්.ඒ. ගාමිණී විමලානන්දට මුදලින් රුපියල් ලක්ෂ හතළිහක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් මාස දහයක සිර දඬුවමක් නියම කළේය.
විත්තිකාර අතුල තිලකරත්නට එරෙහිව පැවති මෙම නඩු විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අදාළ නීති කෘත්‍යය අනුරාධපුර මහාධිකරණය හමුවේ අද (25) යළි කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම නියෝගය නිකුත් කර ඇත.
ප්‍රශ්නගත ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ අනුරාධපුර අතුල තිලකරත්නට වසර 7 ක සිරදඩුවම් නියම වී ඇත්තේ වෙනත් නඩුවකටය.
මේ දඩුවම ප්‍රශ්නගත ජනාධිපති සමාව සම්බන්ධයෙන් සිද්ධිය හා සම්බන්ධයක් ඇතැයි හැගවීම නොමග යැවීමකි. ඔහුට අවම වශයෙන් නඩු විසි දෙකක්වත් තිබේ (බීබීසී)
මෙම සිදුවීම ::
මූල්‍ය ආයතනයක කළමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් වෛද්‍ය එස්.ඩබ්ලිව්.ඒ. ගාමිණී විමලානන්ද නැමැත්තාගේ රුපියල් ලක්ෂ 35ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙනි. ඒ සඳහා බැංකු ලේඛනයක් ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනාවට වසර 5ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද, සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට තවත් වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම විය.
ප්‍රශ්නගත සමා සිද්ධිය ::
වෙනත් පුද්ගලයකුට මුදල් වංචා කිරීම සම්බන්ධ වෙනත් නඩුවකි







