BREAKING NEWS
Search

යාලුවෙක් උනාම අනිවා දීපු පොරොන්දු රකින මේ වගේ යාලුවෙක් වෙයන්.!

815

 

මේ පින්තූරේ ඉන්නේ ස්කොට්ලන්තයේ ජීවත් වෙන බැරී (Barry Delaney). එයා මේ ඉන්නේ එයාගේ “බොක්කේ යාළුවා” වුණු කෙවින් (Kevin Elliot) ගේ මළගෙදර. කෙවින් කියන්නේ ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරු එක්ක සටන් කරද්දී මැරුණු සොල්දාදුවෙක්.

ඉතින් ඇයි මේ Barry කෙල්ලෙක් වගේ ගවුමක් ඇඳගෙන මළගෙදරට ආවේ? හේතුව තමයි මේ දෙන්නා අතර තිබුණු අමුතුම පොරොන්දුවක්.

යාළුවෝ දෙන්නා කාලෙකට කලින් සිරාවටම ප්ලෑන් කරලා තිබුණා, “මචං අපෙන් කවුරු හරි ඉස්සෙල්ලා මළොත්, අනිත් එක්කෙනා මළගෙදරට එන්න ඕනේ බ්‍රයිට් කොළ පාට ගවුමක් ඇඳගෙන” කියලා. ඒක ඒ කාලේ මේ දෙන්නා විහිළුවට වගේ දාගත්ත පොරොන්දුවක් වුණත්, දෙන්නා ඒක ගැන ගොඩක් සිරියස් වෙලා තිබුණා.

හැබැයි කෙවින් ඇත්තටම යුධ පිටියේදී මැරුණාම, Barry ඒ පොරොන්දුව අමතක කළේ නැහැ. මුළු ලෝකයම බලන් ඉද්දී, මිනිස්සු මොනවා හිතුවත් කමක් නැහැ කියලා, තමන්ගේ මැරුණු යාළුවා වෙනුවෙන් Barry ඒ “කැත” Bright Green පාට ගවුම ඇඳගෙන මළගෙදරට ආවා.

යාළුවෝ කියන්නේ පණට පණ වගේ ඉන්න අයට විතරක් නෙවෙයි, යාළුවා නැති වුණත් එයාට දුන්න පොරොන්දුවක් පණ වගේ රකින අයටයි. Barry ගවුම ඇඳගෙන ඇඬුවේ තමන්ගේ හොඳම යාළුවා ආයේ කවදාවත් හිනා වෙන්න එන්නේ නැති බව දන්න නිසා.

මෙන්න නියම යාළුවෝ!

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!