BREAKING NEWS
Search

ශ‍්‍රී ලංකා මුහුද් ඇමරිකා මෙහෙයුමක් – ඉරාන නැවක් වටලයි..!

3990

 

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ඉන්දීය සාගරයේදී චීනයේ සිට ඉරානය බලා ගමන් කරමින් තිබූ යුද උපකරණ රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් බලකාය විසින් වටලනු ලැබ ඇති බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කරයි.
පසුගිය මාසයේදී සිදුව ඇති මෙම නාවික මෙහෙයුම, ඉරානය සිය යුද ශක්තිය යළි ගොඩනැගීම වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක වූවකි.

ඇමෙරිකානු ඉන්දු-පැසිෆික් විධානයට අනුයුක්ත භට පිරිස් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, එහි තිබූ යුදමය ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමෙන් පසු නෞකාවට පිටත්ව යාමට අවසර දී තිබේ.

ඇමෙරිකානු බුද්ධි අංශ මාස කිහිපයක සිට මෙම නෞකාවේ ගමන් මග පිළිබඳ විමසිල්ලෙන් සිට ඇති බව ද එම වාර්තාවල සඳහන් වේ.

පෙන්ටගනය විසින් මෙහෙයවනු ලබන මෙම රහසිගත මෙහෙයුම් මාලාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, පසුගිය ජූනි මාසයේදී ඇමෙරිකාව සහ ඉශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කරන ලද ප්‍රහාරවලින් පසු, එරට මිසයිල පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට දරන උත්සාහයන් අඩපණ කිරීමයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් චීනයෙන් හෝ ඉරානයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ නාවික හමුදාවෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, කරුණු තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බැවින් මේ අවස්ථාවේ අදහස් දැක්විය නොහැකි බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *