BREAKING NEWS
Search

ඒත් ජනාධිපතිවරියක්… අමතක නැති දවසක්…! ඇය ගැන ඇසෙන අපූරු කතාවක් මෙන්න

4549

 

මම BCIS එකේ youth Leadership Academy එකේ 2023 පළවෙනි බැජ් එකේ member කෙනෙක්. ඉතින්,
අපි ඉගෙන ගන්න අතරෙ ඉඳ හිට අපේ ක්ලාස් රූම් එකට අමුත්තෙක් එනවා. ක්ලාස් එකට බාධාවක් නොවන විදියට, පිටිපස්සෙ පුටුවක වාඩි වෙලා අපිට උගන්වන ඒවා එයත් අහන් ඉන්නවා.

කතාව ඒක නෙවෙයි…

ඒ වගේ එක දවසක T break දි අපි කට්ටියම තිබහ නිවා ගන්න එළියට යන්න නැගිට්ටා. අර කිව්ව අමුත්තා අපෙන් අහනවා ” ඔය ගොල්ලො තේ බොන්නද යන්නෙ.” ඉන්න ඉන්න මාත් එනවා අද තේ එක මගේ ගාණෙ” ඔය ගොල්ලො කොයි කැන්ටින් එකටද යන්නෙත් අහනවා.

එහෙම කියලා අතේ තිබුණ පොඩි හෑන්ඩ් බෑග් එක කිහිල්ලෙ ගහගෙන හෙමින් අපි එක්කම කැන්ටින් එකට ආවා.
“අද තේ එක මගේ ගාණේ. මේ ….ගොල්ලන්ට හොඳට කන්න දෙන්න” කැන්ටින් එකේ අයට එහෙම කිව්වා.

එහෙම කියලා අපිට ගෙනාව කිරි තේ කෝප්පයක් එයත් අරන් හෙමින් තොල ගාන ගමන් අනාගත නායකයින් එක්ක චුට්ටක් දොඩමලු වුණා.

අපොයි.. ඔය ගොල්ලන්ගෙ ඩොක්‍ටර් බනිවී. බ්‍රේක් එක ඉවරයි නේද? දුවන්න දුවන්න. මම බිල් එක ගෙවලා එන්නම්.

ඒ තමයි නොදන්න චන්ද්‍රිකා  — at BMICH – Colombo.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!