BREAKING NEWS
Search

රජයේ තනතුරු – වගකීම් ගත් අපේ රටේ හිටපු ඇතැම් අගවිනිසුරුවරුන්-විනිසුරුවරුන් ඉණට අත් තියාගෙන – නිකන් බලාගෙන ඉන්දීය අගවිනිසුරු දෙස බලා සිටී

796

රජයේ තනතුරු – වගකීම් ගත් අපේ රටේ හිටපු ඇතැම් අගවිනිසුරුවරුන්-විනිසුරුවරුන් ඉණට අත් තියාගෙන – නිකන් බලාගෙන ඉන්දීය අගවිනිසුරු දෙස බලා සිටී !

විශ්‍රාම ගැනීමෙන් පසු රජයේ කිසිදු තනතුරක් හෝ වගකීමක් බාරනොගන්නා බවත්, එමගින් අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය පළුදු වන බවත් ඉන්දීය අගවිනිසුරු බී.ආර්. ගවායි අවධාරණය කර ඇත.

තමන් සහ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් බහුතරයක් මේ පිළිබඳ ප්‍රසිද්ධියේ ජනතාවට ප්‍රතිඥා දී ඇති බව ද අගවිනිසුරුවරයා සඳහන් කර තිබේ.

මෙසේ විශ්‍රාම යෑමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තනතුරු හෝ වගකීම් ගැනීමෙන් අධිකරණ තීන්දුවලට රජයෙන් බලපෑම් එල්ල වූ බවට හෝ එවැනි පාක්ෂික බවක් පිළිබඳ මතයක් ඇති වීම වැළැක්විය නොහැකි බව ද අගවිනිසුරුවරයා මෙහිදී පවසා ඇත. අධිකරණයේ විශ්වසනීයත්වට සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ කැපවීම අනිවාර්යෙන්ම කළ යුතු බවත්, මහජන විශ්වාසය අන්සියල්ලට ඉහළින් තබාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර තිබේ.

2018 – 2019 කාලයේදී ඉන්දියාවේ 46 වැනි අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ රන්ජන් ගොගොයි මේ වන විට එරට රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරයි. මෙය දැඩි විවේචනයට ලක්වූ අතර, මෝදිගේ ආරාධනයක් මත ඔහු එම ධුරය බාරගෙන තිබිණි.

ඔහුට පෙර මෝදි ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කේරළ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස ද පත්කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකි.

ස්වාධීන නමින් පෙනීසිටින ආණ්ඩු කොන්ත්‍රාත්

සෑම ආණ්ඩුවක් යටතේ ම අපේ රටේදී අගවිනිසුරුවරුන්ගේ සිට විනිශ්චයකාරවරුන් දක්වා තනතුරු – වගකීම් බාරගෙන ඇත. ස්වාධීන නමින් පෙනීසිටින එවැනි ආණ්ඩු කොන්ත්‍රාත් රැසකි. පිස්සු පූසා කොමිසම ඊට හොඳ ම උදාහරණයකි. මේ ආණ්ඩුව යටතේත් ජයන්ත ජයසූරිය නිව්යෝර්ක් ගියේය.

කොහොමත් ඉහළ සිට පහළට අධිකරණ සේවකයන් විශ්‍රාම යෑමෙන් පසු ඉන්දීය අගවිනිසුරු කියන පාරේ යන්නේ නම්, එය අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් ය. බලහත්කාරයෙන් ඒ විශ්වාසය හැදිය නොහැකිය. ඊට අවංක වුවමනාවක් තිබිය යුතුය !

ශාලික විමලසේන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *