ජිවිතේ ගැන අනාවැකි දැන ගන්න අපි හුඟක් අය කැමතියි.. ඔන්න අද බලමු අනාගත සහකාරියගේ ගතිගුණ ගැන…
අපි දැන් කියලා දෙන්න යන්නෙ අංක විද්‍යාවෙන් ඔබේ අනාගත සහකාරියගේ ගතිගුණ මොන වගේද කියලා බලාගන්න හැටි.
හැම කෙනෙක්ටම ජන්ම අංකයක් තියෙනවා. මේ ජන්ම අංකයෙන් තමයි සහකාරියගේ ගතිගුණ බලා ගන්න පුළුවන්. මුලින්ම ජන්ම අංකය දැන ගන්න ඕන නේ. එක හොයා ගන්න හරි ලේසියි. ඔබේ උපන් දිනය තනි අංකයක් වෙනකන් එකතු කරගෙන ගියාම අන්තිමටම එන්නෙ ජන්ම අංකය. පහළ තියෙන්නේ ජන්ම අංකය හොයා ගන්න විදිහ .
ඔබේ උපන්දිනය 1984.06.10 කියලා හිතමු.
1+9+8+4+6+1 = 29
2+9 = 11
1+1 = 2
2 තමයි ජන්ම අංකය වෙන්නෙ.
ඔය ක්‍රමයට ජන්ම අංකය හොයාගෙන පහළ තියෙන විස්තර වලින් ඔබේ අංකයට ගැලපෙන විස්තරය කියවලා බලන්න. එතකොට පුළුවන් ඔබේ අනාගත සහකාරිය මොන වගේ කෙනෙක්ද කියලා බලා ගන්න.
ජන්ම අංක 1
ප්‍රසන්න හිනාවක් තියෙන වටකුරු හරි ඕවල් හරි මුහුණක් තියෙන සහකාරියක් තමයි ඔබට ලැබෙන්නෙ. නිර්මාණශීලි, බුද්ධිමත් වගේම ඇය ගොඩක් සංවේදී කෙනෙක්. හැබැයි ඉක්මනට පසුතැවිලි වෙනවා. ස්වාමියාට ගොඩක් ළැදිව ජිවත් වෙනවා. වත්ත පිටිය වගේම ගේ දොරත් ලස්සනට, පිරිසිදුව තියා ගෙන ඉන්නවා. ඉක්මනට කේන්ති ගියාට ඊටත් වැඩ ඉක්මනට නිවෙන කෙනෙක් තමයි ඔබේ සහකාරිය.
ජන්ම අංක 2
ඔබට ලැබෙන බිරිදගේ පපුවේ සහ හිසේ සෙම් රෝග වැඩියි. ඒ වගේම ගොඩාක් කල්පනා කරනවා. ඉක්මනට කලබල වෙනවා. කොහොම වුනත් ගෙදර වගේම අවටත් කලාත්මකව තියා ගන්නවා. සැමියාටත්, දරුවන්ටත් ගොඩක් ආදරෙයි.
ජන්ම අංක 3
ඔබට හම්බෙන සහකාරිය දැඩි ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්. නිර්මාණශීලි වගේම කලාවට බර කෙනෙක්. දරුවන්ට ගොඩක් ආදරය කරන හොද ගෘහණියක් තමයි ඇය.
ජන්ම අංක 4
ඔබට හිමි සහකාරිය හොද ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්. හැඩට වැඩට අදින්න උනන්දුවක් දක්වනවා. ගොඩක් හැගීම්බරයි. නිතරම අවිවේකි කෙනෙක්.ඒ වුනාට තමන්ගේ නිවසට වගේම දරුවන්ට ලොකු ඇල්මක් දක්වනවා. ඒ වගේම ඕනෑම තරාතිරමක කෙනෙක් වුනත් ආශ්‍රය කරන්න පුළුවන්.
ජන්ම අංක 5
මිත්‍රශීලි බුද්ධිමත් කෙනෙක් තමයි ඔබේ සහකාරිය විදියට ලැබෙන්නෙ. ගේ දොර හොදින් පාලනය කරන්න පුළුවන් හැකියාවක් ඇයට තියෙනවා. සල්ලි පරිස්සමට තමයි වියදම් කරන්නෙ. ඒ වගේම ටිකක් ලෝබයි. ගමන් කරන විදියට නම් දෙපාරක් හැරිලා බලන්න හිතෙනවා. සැමියාටත් ගොඩක් ළැදිව ජිවත් වෙනවා.
ජන්ම අංක 6
හොඳ බිරිදක් වගේම හොඳ මවක් තමයි ඔබට හිමි වෙන්නෙ. ගෙදර ගොඩක් ලස්සනට තියාගෙන ඉන්නවා. කාරුණික හදවතක් තියෙනවා. සැමියාගේ වැඩවලට ගොඩක් උදව් කරනවා.
ජන්ම අංක 7
ගොඩක් අවිවේකි, ගොඩක් හිතන කෙනෙක් ඔබේ සහකාරිය විදියට ලැබේවි. අසාධාරණයට සහ අයුක්තියට විරුද්ධව කතා කරන කෙනෙක්. තමන්ගෙ සැමියාගේ වුවමනා එපා කම් ගැන ගොඩක් හොයලා බලනවා.
ජන්ම අංක 8
ඔබේ බිරිඳ ඕනෑවටත් වඩා හිතනවා. හැගීම්බරයි වගේම ගොඩක් කල්පනාකාරියි. හැමදේම ගැන සැකයෙන් බලනවා. ඒ වුනාට සැමියාගේ සහ දරුවන්ගේ වැඩ කැපවීමෙන් කරන කෙනෙක්.
ජන්ම අංක 9
අධිෂ්ඨානශීලි බිරිදක් ඔබට ලැබෙනවා. සැමියාගේ රාජකාරි වැඩ වලට වගේම ව්‍යාපාරික කටයුතු වලටත් උදව් කරනවා. හැබැයි තරමක් ආත්මාර්ථකාමියි. උෂ්ණ රෝග වැළදෙනවා වැඩියි. කතාවෙන් ඕනෑම දෙයක් දිනන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
අපි කලින් පළකරපු ජන්ම අංකයෙන් ඔබේ සහකාරියගේ ගතිගුණ හොයා ගන්න විදිය තමයි මේ තියෙන්නෙ.
උපුටා ගැනීමක්