BREAKING NEWS
Search

බණ්ඩාරගමදී ඉන්ධන ලීටර් 80 ක් හොරෙන් තියාගෙන මාට්ටු – අල්ලපු විදිහ මෙන්න..!

235

 

බණ්ඩාරගම ප්‍රදේශයේ සිදුකළ විශේෂ පොලිස් වැටලීමකදී, නීතිවිරෝධී ලෙස ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලිසිය සමත්වී තිබේ. ප්‍රදේශයේ ඉන්ධන හිඟය හා වැඩි මිලට විකිණීම පිළිබඳ ලද තොරතුරු මත මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.

පොලිසිය සඳහන් කළේ, සැකකරු ත්‍රිරෝද රථයක් භාවිතා කරමින් පෙට්‍රල් ලීටර් 80කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී අල්ලාගත් බවයි. මෙම ඉන්ධන තොගයේ වටිනාකම රුපියල් 25,000ක් පමණ වන බවත්, එය වැඩි මිලකට අලෙවි කිරීම සඳහා අටුලුගම ප්‍රදේශයට රහසිගතව ගෙන යමින් සිටිය බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් නිරන්තරයෙන් මෙවැනි වැටලීම් සිදුකරන බවත්, ඉන්ධන වංචා හා කළු වෙළඳාමට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් ප්‍රකාශකයෙකු අවධාරණය කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බණ්ඩාරගම පොලිසිය විසින් සිදු කරයි.

පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලැබෙන විට එම තොරතුරු පොලිසියට දැනුම් දෙන ලෙසයි.
එමෙන්ම පවතින නීති ප්‍රකාරව ඉන්ධන භාවිතා කිරීමට කටයුතු කරන ලෙසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!