BREAKING NEWS
Search

කාන්තාවක් කොළඹ හතේ සුපිරි වෙදලසැලක ආරක්‍ෂකයන්ට ගල් ගසා ළදරු කිරි පැකට් සොරා ගනී..!!

125

සුපිරි වෙළඳ සැලකින් රුපියල් 6000ක් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිළධාරීන්ට ගල්වලින් පහර දී පලා ගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය පවසයි.

සැකකාරිය සමඟ සොරාගෙන තිබූ කිරිපිටි පැකට් දෙකද පොලිස් භාරයට ගෙන ඇත.

කුරුදුවත්ත වෝඩ් පෙදෙසේ සුපිරි වෙළෙදසැලකින් ළදරු කිරිපිටි පැකට් දෙකක් සොරාගත් කාන්තාවක් එයින් පිටවන අවස්ථාවේදී ආර ක්ෂක නිලධාරීන් අල්ලා ගැනීමට උත්සාහ කිරීමත් සමඟම ගල්වලින් පහරදී පලා ගිය බවට කුරුදුවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව ජංගම සංචාරයේ යෙදී සිටි නිලධාරීන්ට ලබා දුන් තොරතුරකට අනුව කුරුදුවත්ත රෝහල් චතුරස්‍රය අසලදී සැකකා විය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැල්ලම්පිටිය සහ කෑගල්ල ප්‍රදේශවල ලිපිනයන් දෙකක පදිංචි වයස අවුරුදු 32 හැවිරිදි අයෙකි.

– බිමල් ජයසිංහ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *