BREAKING NEWS
Search

නිවාස නොමැතිකම නිසා විවාහ කල් යවන්න ඉඩ තියන්නෑ.! – මාලිමා නිවාස නියෝජ්‍ය ඇමති (Video)

168

ඉදිරියේ දී විවාහයට පත් වන සෑම යුවළකටම නව නිවාසයක් ලැබිය යුතු බව නිවාස නියෝජ්‍ය ඇමති ටී බී සරත් මහතා සඳහන් කරයි.

නිවාස නොමැතිකම නිසා විවාහ කල් යාමට ඉඩ නොතබන බවත් හෙතෙම පවසයි.

හොඳම විවාහයක් සිදුවිය යුත්තේ වයස අවුරුදු 24-30 අතර කාලයේදී බවත් ඒ වයස් පරතරයක් තුළ විවාහයක් සිදුවන විට ඔවුනට නිවසක් ලබාදීම රජයේ වගකීමක් ලෙස සලකන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එම තත්ත්වය දක්වා රට සංවර්ධනය කරන්නට බලාපොරොත්තු වන බවද හෙතෙම තවදුරටත් කියා සිටී.

රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *