BREAKING NEWS
Search

ට්‍රම්ප්ට එරෙහිවෙන්න පසුබට වෙන්නේ නෑ – චීනය

2139

 

ඉරානය සමඟ වෙළඳ සබඳතා පවත්වන ඕනෑම රටකට ඇමෙරිකාව සමඟ සිදුකරන සියලුම ගනුදෙනු සඳහා සියයට 25 ක අමතර තීරුබදු පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ ජාත්‍යන්තර වෙළඳ ක්ෂේත්‍රය තුළ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.

චීනය සෘජුව ඉරානය සමග ගනුදෙනු කරන රාජ්‍යයක් වන අතර ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ මෙම තර්ජනය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං, චීන රජය වෙනුවෙන් පැහැදිලි කර ඇත්තේ, තීරුබදු යුද්ධයකින් කිසිවෙකුට ජයගත නොහැකි බව චීනය සැමවිටම විශ්වාස කරන බවය.

චීනයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට රජය නොපැකිලව පියවර ගන්නා බව ඇය අවධාරණය කළාය. ඉරානයේ සංචාරය කරන චීන පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත්, තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත් ඇය වැඩිදුරටත් මාඕ නිං චීන රජයේ ස්ථාවරය පැහැදිලි කළාය.

වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීම සහ බලහත්කාරී තීරුබදු පැනවීම මගින් ගැටලු විසඳිය නොහැකි බව චීන රජයේ ස්ථාවරය යැයි ඇය පෙන්වා දුන්නාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!