BREAKING NEWS
Search

කොළඹ නගරාධිපතිනිය සිරි නිවස චිත්‍රපටියකට දෙයි !

1053

කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පැවසූවේ කොළඹ නගරාධිපති නිල නිවස සිය පෞද්ගලික පරිහරණය සඳහා නොගෙන පෙර පොරොන්දු වූ පරිදි නගරයේ දරුවන්ටත්, කලා කටයුතුවලටත්, පොදු කටයුතු හා පරිපාලන වැඩ සඳහා ලබාදෙන බවයි.

පුරපතිනිය සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් නගරාධිපතිනිය මේ බව සඳහන් කර තිබේ.

ජාතික ජන බලවේගය විසින් කොළඹ නගර සභාවේ පාලනය භාර ගත් පසුව එහි අමතර වියදම් රැසක් අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර, කොළඹ නගරාධිපතිට හිමි නිල නිවස පෞද්ගලිකව පරිහරණය නොකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙයි.

කෙසේවෙතත් කොළබ නගරාධිපති නිල නිවස පරිපාලනමය කටයුතු සහ නිල හමුවීම්වලට වෙන් කර ඇති අතර පාසල් දරුවන්ට කියවීමේ රුචිය ඇති කිරීම පිණිස වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ දිනවල කොළඹ නගරාධිපති නිල නිවස දින කීපයක් සඳහා ඉන්දීය චිත්‍රපටයක රූගත කිරීම සඳහා ලබා දී ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් තැබූ සටහන පහතින්,

“සිරිනිවසේ (Mayors Residence) සති දෙකකට ආසන්න කාලයකට ඉන්දියානු film එකක් shoot කලා… අපිත් බලන්න ගියේ shooting අවසන් වෙනවත් එක්කම වගේ.

මේ නිවස විශාල ජනතා මුදල් ප්‍රමාණයකින් නඩත්තු වුන එකකි. දැන් මොකක්ද මෙතැනට වෙන්නෙ?…

සරලයි— අපි පොරොන්දු වූ පරිදී, නගරයේ දරුවන්ටත්, කලා කටයුතු වලටත්, පොදු කටයුතු හා අපේ පරිපාලන වැඩවලටත් මේ නිවස භාවිතා වෙනවා

asian mirror

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!