BREAKING NEWS
Search

පොහොර සහනාධාරය ප‍්‍රමාදයි තමයි.. දවසින් දෙකෙන් කරන්න බෑ..- නාමල්

28

පොහොර සහනාධාරය ප්‍රමාද බවට එල්ලවන චෝදනා පිළිගන්නා බව කෘෂිකර්ම නියෝජ ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

එය ඉක්මනින්ම නිවැරදි කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

සමහර කාරණා දවසින් දෙකෙන් සිදුකල නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පර කරන ලදී.

සියලුම ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25000 බැගින් පොහොර සහනාධාරය ලබා ලබා දෙන බවත් ඒ සඳහා රුපියල් මිලියන 20000කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බවත් හෙතෙම එහිදී වැඩි දුරටත් පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *