BREAKING NEWS
Search

ලොවක් සිනහා ගැන්වූ විකට නිලි කැතරින් ඕ’හාරා අභාවප්‍රාප්ත වෙයි

289

90 දශකයේ තිරගත වූ අමෙරිකානු නත්තල් හාස්‍ය චිත්‍රපටයක් වන ‘Home Alone’ චිත්‍රපටයේ කෙවින්ගේ මවගේ චරිතයට පණ පෙවූ ජනප්‍රිය විකට නිලි කැතරින් ඕ’හාරා ඊයේ (30) අභාවප්‍රාත්ත වී තිබේ.

මියයන විට ඇය 71වන වියේ පසුව ඇත.

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් හි ඇගේ නිවසේදීම ඇය මරණයට පත්ව තිබේ.

1954 වසරේ දී කැනඩාවේ දී උපත ලබා ඇති ඇය, අමෙරිකානු මෙන්ම කැනේඩියානු නිලියක වේ.

වසර 50ක වෘත්තීය ජීවිතය තුළ ඇය රංගන ශිල්පිනියකට අමතරව තිර රචිකාවක් ලෙසද කටයුතු කර තිබේ.

ඇයට Primetime Emmy සම්මාන 2ක්, Golden Globe සම්මානයක්, Screen Actors Guild සම්මාන 2ක් ඇතුළු සම්මාන කිහිපයක් හිමිය.

එමෙන්ම ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට ලොව පුරා ඩොලර් බිලියන 4.3කට වඩා උපයා ඇත.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!