දැන් ඉන්න මිනිස්සු වයසට යනකොට ඇත්තටම හරි ෂයින් වෙනවා.ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩාක් අය වයසට යනකොට දේවල් කරල හරි ස්මාර්ට් විදියට ඉන්නව.ඉස්සර අය වයසට ගියාම ගියා තමයි.අනේ මන් වයසයි එහෙම කියල ඉතින් එයාලා අතෑරලා ඉන්නවා.වයසට යනකොට මෙන්න මේ ගානටවත් ගේමක් ගහල ලස්සනට ඉන්න ඕන

දමිළ සිනමාවේ බොහෝ නළුවෝ විශේෂයෙන්ම කොමඩියන්ස්ලා පණ ගස්සල ගත්ත මිනිස්සු කිහිපදෙනෙක්ම හිටියා කිව්වෝත් නිවරැදි.පහුගිය කාලවල එ වගේ කිහිපදෙනෙක්ම කරලියේ නැවත කතාබහට ලක් වුණා.එ අතරින් සූරී , වඩිවේලු විශේෂයි.ඔන්න දැන් මෙයත් එ වගේම කරලියට ඇවිත්.මේ ඉන්නේ දමිළ සිනමාවේ අතිශයින්ම ප්‍රවීණයෙක් වගේම හොද ස්ටන්ට් කෙනෙක් , කොමඩියන් කෙනෙක් සහය චරිත නිරූපනය කරන හොද නළුවෙක් වගේම හොද විල්ලන් කෙනෙක්. ඔහුගේ සම්පුර්ණ නම අරුණාචලම් රාජේන්ද්‍රන්.ගොඩාක් අය මෙයාට මොට්ටෙයි රාජේන්ද්‍රන් හෝ නාන් කඩවුල් රාජේන්ද්‍රන් ලෙස ප්‍රචලිත කරවල තියෙනවා. ඔහු ඉන්දියානු ස්ටන්ට් ද්විත්ව නළුවෙකු සහ ප්‍රධාන වශයෙන් දෙමළ සිනමාවේ සේවය කරන නළුවෙක්.
දකුණු ඉන්දියානු චිත්‍රපට 500 කට අධික සංඛ්‍යාවක ස්ටන්ට් ද්විත්ව නළුවෙකු ලෙස කටයුතු කරන්නට ඔහු සමත් වෙලා තියෙනවා. ඔහු නාන් කඩවුල් (2009) චිත්‍රපටයේ දුෂ්ටයෙකුගේ චරිතය රඟපෑ අතර එය විශාල විචාරක පැසසුමට ලක් වූවා. ඔහුට දුෂ්ටයා ගේ චරිතය සඳහා තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය ලබා ගන්නට හැකියාව ලැබුණා.එතැන් සිට. ඔහු දෙමළ චිත්‍රපට ගණනාවක දුෂ්ට චරිත සහ හාස්‍යජනක සහය චරිත රඟපාමින් සිට්නවා. ඔහු තවත් එක් දෙකට ඉතාමත් ප්‍රසිද්ධයි එ තමයි තමගේ රළු කටහඬ. කියන්නට කණගාටුයි එ කටහඩ ඔහුට ලැබිලා තියෙන්නේ ස්ටන්ට් එකකදි සිදු වු අනතුරකින් කියලා ඔහු සඳහන් කරල තියෙනවා.

රාජේන්ද්‍රන්ට කලින් හිසකෙස් තිබිලා තියෙනවා නමුත් මලයාලම් චිත්‍රපටයක් සඳහා ස්ටන්ට් කිරීමේ කොටසක් ලෙස අසල කර්මාන්ත ශාලාවකින් රසායනික අපද්‍රව්‍ය පොකුණකට පැනීමේ සිදුවීමකින් පසුව ඔහුගේ හිසකෙස් ඔහුට අහිම් වෙලා තියෙනවා “මොට්ටා” රාජේන්ද්‍රන් යන අන්වර්ථ නාමය ඔහුට ලැබෙන්නේ ඉන් පස්සේයි.බලන්නකො ඉතින් එයාල මොන තරම් කැපකිරිමක් කරනවද කියලා තමන්ගේ වෘත්තිය ජීවිතේදි
උපුටාගැනීම – සිනමාවේදීන්







