BREAKING NEWS
Search

මාලිමා අලුත් ආණ්ඩුවන් ලොකු තීන්දුවක්.. සියළුම හොරු අල්ලන්න එක දැලක් එලයි..!

194

නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව සියලු‍ම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විගණනයන් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

පසුගිය ආණ්ඩු කාල තුළදී සිදුවූ බවට සැක කෙරෙන වංචා දූෂණ සම්බන්ධයෙන් මෙහිදී පූර්ණ වශයෙන් සොයා බැලෙයි.

යම් රාජ්‍ය ආයතනයක දූෂණ වංචා සිදුවී ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට ද රජය තීරණය කොට ඇත.

ඉතිහාසය පුරා පාලකයන් 2/3 බලයක් ඉල්ලා සිටියේ ජනතාවට එරෙහි පනත් සම්මත කර ගැනීම සඳහා යයි ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

2/3 බලයක් එපා.. ජයග‍්‍රහණය සාමාකාමීව සමරන්න..- ජනපති

ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් තමන්ට ප්‍රමාණවත් බවත් තමන් ගෙන එන්නේ ජනතාවාදී අන පනත් නිසා කිසිවෙකුට ඊට එරෙහි වීමට නොහැකි බවත් ඒ මහතා කියයි.

ජනතාව මැතිවරණයේ ජයග්‍රහණය තමන් වෙත ලබා දෙන බව විශ්වාස බවත් ජයග්‍රහණයෙන් අනතුරුව සාමකාමී ලෙස එහි සතුට භුක්ති විඳින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!