BREAKING NEWS
Search

හර්දික් පණ්ඩ්යාට එරෙහිව පැමිණිල්ලක් – ජාතික ධජයට අපහාස කළ බවට චෝදනා

507

 

Hardik Pandya සම්බන්ධයෙන් ඉන්දියාවේ පැමිණිල්ලක් ගොනු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එය ඉන්දියාවේ විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව පැවැති උත්සව සමයේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙනි.

වාර්තා අනුව, Pune නගරයේ නීතිඥවරයෙකු විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර, තරගයෙන් පසු පැවති සැමරුම් අවස්ථාවේදී පණ්ඩ්යා ඉන්දියානු ජාතික ධජය පසුපසට බැඳගෙන වේදිකාව මත වැතිර සිටින ආකාරයෙන් දිස් වූ බවට චෝදනා කර තිබේ.

එම ක්‍රියාව ඉන්දියාවේ ජාතික ධජය භාවිතා කිරීම හා ආරක්ෂා කිරීම සම්බන්ධ නීතිය වන Prevention of Insults to National Honour Act යටතේ ජාතික ගෞරවයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකි බව පැමිණිලිකරු සඳහන් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ල ප්‍රදේශීය පොලිසිය වෙත භාරදී තිබෙන බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ දක්වා Hardik Pandyaට එරෙහිව නිල වශයෙන් නඩුවක් හෝ චෝදනා ගොනු කර ඇති බවට තහවුරු වී නොමැති අතර, බලධාරීන් ඉදිරියේදී ගන්නා පියවර පිළිබඳව තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!