BREAKING NEWS
Search

තොණ්ඩමන්ලා අතර මත ගැටුමක් – ජිවන් ඉල්ලා අස්විමට යයි

482

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන්, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්

ධුරයෙන් ඉල්ලා අස් වීමට තිරණය කර ඇති බවත්, ඒ සදහා එම පක්ෂයේ ජාතික සභාව කැදවන ලෙස එම පක්ෂයේ උප සභාපතිවරුන් කිහිප දෙනෙකුට දුරකථනය ඔස්සේ කථා කර දැනුම් දී ඇති බවත් වාර්තාවේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරය දරන ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය යෝජනාව පරාජය වීමේන් අනතුරුව ලංකා කම්කරුකොංග්‍රසයේ වත්මන් සභාපති සෙන්දිල් තොන්ඩමන් සහ පක්ෂයේ ලේකම් ජීවන් තොන්ඩමන් අතර දුරකථනය ඔස්සේ බහින් බස් වීමක් සිදු වී ඇති බවත්, ඉන් අනතුරව ජීවන් තොන්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති ධූර දරන තලවකැලේ ලිදුල, නුවරඑලිය මහ නගර සභාව, හගුරන්කෙත, වලපනේ, කොත්මලේ යන පළාත් පාලන ආයතන වල ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරුන්ට රජයට ලබා දෙන සහයෝග වලින් ඉවත් වන ලෙසට ලිපි ලබා දෙන ලෙසද ජීවන් තොන්ඩමන් ඉල්ලීමක් කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව කැදවන ලෙස එම පක්ෂයේ මහ ලේකම්වරයා දුරකථනයෙන් දැනුම් දිම් කලද එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කල හොත් පමණක් ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව කැදවන බවට ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියහ.

හැටන් රංජිත් රාජපක්ෂ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!