BREAKING NEWS
Search

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්

1425

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඊට අදාළ ලිපිය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

වග කිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින්, අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව පෙනී යන බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් විනය ක්‍රියාමාර්ගයන් ගන්නා බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!