පාස්කු චෝදනාවන්ට වරදකරු කෙරේ… හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා පොලිස් සේවයෙන් නෙරපා හැරේ..
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාව පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත.
මෙම තීරණය ගනු ලැබුවේ, ඒ සම්බන්ධයෙන් පැවති විනය පරීක්ෂණයකින් නිලන්ත ජයවර්ධන මහතා වරදකරු බවට තහවුරු වීමෙන් අනතුරුවය.
අදාළ වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු, (ජූලි 18) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොමිසම මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.







