BREAKING NEWS
Search

හදුන්ගේ සීනි අලෙවිසැල් ජාලයට විවේචන.. භාණ්ඩාගාරයට තව බරක්ලු..

286

 

 

කර්මාන්ත අමාත්‍ය අමාත්‍යාංශ විසින් රජයේ සීනි සමාගම්වල සීනි අලෙවී සඳහා ආරම්භ කරන ලද සීනි අලෙවිසැල් ජාලය සම්බන්ධයෙන් සමාජ ජාල වල විවේචන එල්ල ෙවමින් තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ සීනි අලෙවි කිරීම සඳහාම විවෘත කරන ලද වෙළඳසැල් හරහා ලාභ උත්පාදනය අතිශය අසීරු කටයුත්තක් වනු ඇති බවත් එනිසා අවසානයේ එය භාණ්ඩාගාරයට අමතර වැය බරක් වනු ඇති බවයි.

එමෙන්ම එහි මිල නියම කිරීමට වඩා අඩු මිලට දැනටත් වෙළඳපොලේ සීනි මිලට ගැනීමට ඇති බවටද චෝදනා එල්ල කරන්නන් කියා සිටී.

ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් (11 දා) නුගේගොඩදී ආරම්භ කරන ලදී.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා සීනි සමාගම තම පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තත්වයෙන් ඉහල දුඹුරු සීනි අඩු මිලට ලාංකික පාරිභෝගිකයන් වෙත ලබා දීමේ අරමුණ ඇතිව ඉතිහාසයේ පළමුවරට තම අලෙවි ජාලය මෙලෙස ආරම්භ කර තිබෙයි.

මෙහිදී අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති මහතා, පසුගිය කාලයේ පැල්වත්ත හා සෙවනගල කර්මාන්ත ශාලා අයත් ලංකා සීනි සමාගම වසා දමා පෞද්ගලික අංශය වෙත විකිණීමේ සැලසුමක් පවතින බවට අසත්‍ය ප්‍රචාර රැසක් ක්‍රියාත්මක වූ බවත් එම අසත්‍ය ප්‍රකාශ සඳහා නිවැරදිම පිළිතුර නිවැරදි වේලාවේදී ලබාදෙමින් ලංකා සීනි සමාගම වසර 14 කට පසුව තම අලෙවි ජාලය මෙලෙස ආරම්භ කරමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීම පිළිබඳව ලංකා සීනි සමාගමේ කාර්ය මණ්ඩලයට හා සියළු උක් ගොවියන්ට තම කෘතඥතාවය පළ කරන බව පැවසීය.

මෙලෙස ස්ථාවර ගමන් මඟකට අවතීර්ණ වී සිටින ලංකා සීනි සමාගම, ජනවාරි 1 දා සිට ව්‍යවස්ථාපිත ගෙවීම්වලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බවද හදුන්නෙත්ති අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය තුළින් පාරිභෝගිකයන්ට තත්වයෙන් උසස් දේශීයව නිෂ්පාදිත දුඹුරු සිනි අඩුමිලට ලබාදීමට හැකියාව ලැබෙන අතර උක් ගොවි පවුල් දෙලක්ෂ පනස්දහසක් ශක්තිමත් කිරීමද අවස්ථාව උදාවෙයි. නුගේගොඩ නාවල පාරේ පිහිටි දුඹුරු සීනි තොග හා සිල්ලර අලෙවි සැල මගින් උක් බීම, හකුරු, උක්පැණි ආදී ලෙස විවිධාංගිකරණය කරන ලද නිෂ්පාදන පෙළක්ද පාරිභෝගිකයන් වෙත ලබාදීමට ලංකා සීනි සමාගම සැලසුම් කර තිබෙයි.

Source – lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!