BREAKING NEWS
Search

පුරන් කුඹුරු අස්වද්දනැයි ආණ්ඩුවෙන් අණ බෙරකරුවන් යොදවයි..!

209

එක මිටට ගොවි බිමට වැඩසටහනට සමගාමීව නාවලපිටිය රඹුක්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ග්‍රාම නිලධාරී වසම් 29 ක වගා නොකරන ලද ඉඩම් හිමියන් දැනුවත් කිරීම ගොවිජන සංවර්ධන නිලධාරී ශාමා සුදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මේ යටතේ පුරන් කුඹුරු අක්කර 167ක ඉඩම් කැබලි 307 ක් හිමිකරුවන් අණ බෙරකරුවන් යොදවා ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම සිදු කිරීමට කටයුතු කරනු ලබයි.

මෙම වසරේ අප්‍රේල් මස (30) දිනට ප්‍රථම මෙම කුඹුරු ඉඩම් වගාව සඳහා සූදානම් කළ යුතු බවත්, එසේ නොකරන ඉඩම් හිමියන් සහ ගොවියන් හට ගොවිජන සංවර්ධන පනත අනුව නෛතික ක්‍රියාමාර්ග ලබාගන්නා බව ගොවිජන සංවර්ධන නිලධාරිවරිය පැවසිය.

– රංජිත් රාජපක්ෂ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!