BREAKING NEWS
Search

මල්වානේ මාලිගාවේ නැකත හදන්න මට කිව්වේ බැසිල්ගේ බිරිඳයි..! – සුමනදාස (Video)

75

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව එවක කියවුණු මල්වානේ මාලිගාව නමැති නිවස ඉදිකිරීම සඳහා තමන් විසින් නැකත සාදා දුන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකීය දෛවඥ ලෙස කටයුතු කළ සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු වැඩිදුරත් සදහන් කර තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ඉල්ලීමක් මත තමන් විසින් එම නැකත සදා දුන් බවයි.

කෙසේ වෙතත් මේ වන විට එම නිවසේ නිශ්චිත හිමිකරුවෙකු නොමැති වීම මත එම දේපළ රජයට පවරා ගැනීමක් පිළිබඳ කතාබහක් නිර්මාණය වී තිබේ.

අදාළ වැඩසටහනට සහභාගී වෙමින් සුමනදාස අබේගුණවර්ධන මහතා පවසා තිබෙන්නේ එතරම් දැවැන්ත නිවසක් ඉදිකිරීම සාමාන්‍ය පුද්ගලයෙකුට කළ නොහැක්කක් බවය.

එමෙන්ම එයට හිමිකරුවෙකු නොමැති බව පැවසීම අපරාධයක් බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *