ධනංජය සිල්වාගේ සහෝදරයාට කඩු ප්‍රහාරයක් – වහා රෝහලට..!

admin

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය සිල්වාගේ සහෝදරයා කඩු ප්‍රහාරයකට ලක්ව කළුබෝවිල රෝහලට ඇතුළත් තිබේ.

ගල්කිස්ස පොලිසිය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය පාතාලයට සම්බන්ධ යැයි කියන අයෙකු විසින් එල්ල කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඔහු පදිංචි නිවසට අද රාත්‍රියේ පැමිණ ඇති පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

කඩු පහරින් බේරීම සඳහා අතක් එසවූ අවස්ථාවේ දී එම කඩු පහර අතට වැදී තුවාල සිදුවී ඇත.

පාතාල කණ්ඩායමටද තුවාලකරු ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් අනතුරුව එම කණ්ඩායමද ස්ථානයෙන් බලා ගොස් තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරයි.

ධනංජය සිල්වාගේ පියා පියා වන හිටපු නාගරික මන්ත‍්‍රී රන්ජන් සිල්වා මහතා 2018 වසරේ පාතාල ක්‍රියාකාරිකු විසින් එල්ල කරන ලද වෙඩි පහරකින් මරණයට පත් විය.

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *