BREAKING NEWS
Search

ක්‍රිකට් වලට පුනරුදය උදාවෙයි – කුසල් ජනිත්, කමිඳු, ප්‍රභාත්,පැතුම් ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියටම..!

26

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ඊයේ (8) ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.

ඔහු ස්ථාන 26ක් පසුකරමින් මෙලෙස ඉදිරියට පැමිණ සිටීම විශේෂත්වයක්ය.

කෙසේ නමුත් මෙම ශ්‍රේණිගත කිරීම් අතර පළමු දස දෙනා අතර සිටි පැතුම් නිස්සංක තවම එම ගෞරවය රැකගෙන සිටියි.

කෙසේ නමුත් ඔහු එක් ස්ථානයක් පසුපසට ගොස් ඇති අතර, මේ වනවිට 7වැනි ස්ථානය හිමිව ඇත.

මේ අතර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 7වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කමිඳු මෙන්ඩිස් සමත්ව සිටියි.

එමෙන්ම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 7වන ස්ථානයේ ප්‍රභාත් ජයසූරිය හිමිකරගෙන සිටියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *