BREAKING NEWS
Search

2024 වසරේ වැඩිම පිරි­සක් නැරඹූ ඉන්දි­යානු චිත්‍ර­ප­ටය DO PATTI

867

ශ්‍යාමා දේවිකා රණ­පති

පොලිස් නිළ­ධා­රි­නි­යක වන විද්‍යා ජ්‍යාති හට නිර්නා­මික දුර­ක­තන ඇම­තු­මක් ලැබේ. ඒ ඈ රාජ­කා­රියේ යෙදී සිටින අව­ස්ථා­වක උත්ත­රා­ඛාන්ද්හි දේවි­පූර් ගම්මා­නයේ පොලිස් ස්ථාන­යේ­දීය. එම ඇම­තු­මෙන් කියැ­වෙන්නේ ගෘහස්ත අප­යෝ­ජන සිද්ධි­යක් පිළි­බ­දව කරුණු කාර­නාය. විද්‍යා විසින් එය ව්‍යාජ අන­තුරු ඇඟ­වී­ම­නැයි සිතා ⁣ප්‍රති­ක්ෂේප කර දමයි. සෞම්‍යා නැමැ­ත්ති­යක ඇගේ ස්වාමි­පු­රු­ෂයා වූ ධෲව් විසින් අමා­නු­ෂික ලෙස අප­යෝ­ජ­න­යට ලක් කරන බව ඇගේ මව පව­සන නමුත් සෞම්‍යා ඒ පිළි­බ­දව කිසි­වක් නොප­වසා නිහ­ඬව හිඳියි.

එකම පිරි­මි­යෙ­කුට ආද­රය කරන නිවුන් සහෝ­ද­රි­යන් වන සෞම්‍යා හා ෂයිලි ජුන්ඩිර් අතර හට­ගන්නා ඛේද­නීය ජීවි­තය මතින් සමා­ජ­යට පෙන්වා දෙන්නේ ළමා කම්ප­නය‍, ස්ත්‍රී ද්‍රෝහී­ත්වය‍, පිරිමි වර­ප්‍ර­සාද හා ගෘහස්ත හිංස­නය හා චිත්ත­වේ­ගීය අප­යෝ­ජන චක්‍රය පිළි­බ­දව ඉතා අශෝ­භන කතා­වකි.

දෙද­හස් විසි­හ­තර ( 2024) වසරේ ඉන්දි­යානු හින්දි සින­මාවේ ත්‍රාස­ජ­නක චිත්‍ර­ප­ට­යක් වන ‘දෝ පට්ටි‘ නම් ⁣සිනමා දිග­හැ­රුම මෙසේ ආරම්භ වෙයි.

ශශංක චාතු­ර්වේදී විසින් අධ්‍ය­ක්ෂ­ණය කර කණිකා ඩිලන් විසින් සින­මා­වට රචනා කළ එය ‘බ්ලූ බට­ර්ෆ්ලයි ෆිල්ම්ස්‘ යටතේ නිෂ්පා­ද­නය කරයි . ඩිලන් එහි නිෂ්පා­ද­නය කත්හා පික්චර් යටතේ නිළි ක්‍රිති සනොන් සමඟ එක්ව අර­ඹයි. ඇගේ චිත්‍ර­පට ජීවි­තයේ Teri Baaton Mein Aisa Uljha Jiya සහ Crew යන චිත්‍ර­පට දෙකම වාණි­ජ­මය වශ­යෙන් සාර්ථක වූ අතර, 2024 වසරේ වැඩිම ආදා­ය­මක් උප­යා­ගත් හින්දි චිත්‍ර­පට අත­රට ශ්‍රේණි­ගත විය. සැනොන් තම­න්ගේම නිෂ්පා­දන සමා­ගම වන Blue Butterfly Films ආරම්භ කළ අතර, ඒ යටතේ ඇය Netflix සඳහා කාජල් සහ ෂහීර් ෂෙයික් සමඟ එක්ව රංග­න­යෙන් දායක වන Do Patti නම් මෙම අබි­ර­හස් චිත්‍ර­ප­ටය ද නිෂ්පා­ද­නය කළාය.

දෙද­හස් විසි­තුන (2023) වර්ෂයේ අගෝ­ස්තුවේ ආරම්භ වූ මෙහි රූගත කිරීම් දෙසැ­ම්බර් මාස­යේදී අව­සන් විය. මුම්බා­යි,‍ ­න­යි­නි­ටාල්, ඩෙක්රා­ඩුන්හි එහි­ කැ­ම­රා­ක­රණ සිදු විය.

නිවුන් දරු­වන් ලෙස, සනොන් තම වෘත්තීය චිත්‍ර­පට ක්ෂේත්‍රයේ ද්විත්ව චරිත නිරූ­ප­නය කරන මෙම චිත්‍ර­ප­ටයේ හින්දි සින­මාවේ අග්‍ර­ගණ්‍ය නිළි­යක වන කාජල්ද රංග­න­යෙන් තම දාය­ක­ත්වය මුහු කරයි. මෙම කතාව පොලිස් නිල­ධා­රි­යෙකු යුව­ළක් සමඟ මුහුණ දෙන කර­ද­ර­කාරී අත්දැ­කීම් අනු­ග­ම­නය කරයි. එහිදී ඊර්ෂ්‍යා සහ­ගත නිවුන් සහෝ­ද­රි­යක් සිටින බිරිඳ සැමියා තමාව ඝාත­නය කිරී­මට තැත් කළ බවට චෝදනා කරයි. ‘දෝ පට්ටි‘ යනු එලෙස පවුල් පසු­බි­මක් වටා නිර්මා­ණය වූ චිත්‍ර­ප­ට­යකි.

මෙහි කාජල්, ක්‍රිටි සැනොන්, ෂහීර් ෂෙයි, තන්වි අස්මි‍, බ්‍රිජේන්ද්‍ර කලා‍, විවේක් මුෂ්රාන්, ප්‍රාචී ෂා පාණ්ඩ්‍යා තම රංගන කුස­ලතා පෙන්වයි. ෂහීර් ෂෙයික්, ක්‍රිති සහ කාජල්ගේ විශිෂ්ට රංග­න­යන්, විශිෂ්ට සංගී­තය, කැම­රා­ක­ර­ණය සහ රච­නය ඇතු­ළත් දෝ පට්ටි යනු විශිෂ්ට ඝනයේ ආදර චිත්‍ර­ප­ට­යකි. මෙම චිත්‍ර­ප­ටය නැර­ඹිය යුතුම එකක් බව ප්‍රක­ටය.

එය ලොව පුරා රට­වල් 30කට අධික සංඛ්‍යා­වක Netflix Global Top Ten Charts (ඉංග්‍රීසි නොවන) චිත්‍ර­ප­ටයේ ප්‍රව­ණ­තා­වක් පෙන්නුම් කළ අතර දින 50කට අධික කාල­යක් ප්‍රව­ණතා ප්‍රස්ථා­ර­වල රැඳී සිටීම නිර්මා­ණ­යයේ අද්වි­තීය සාර්ථ­ක­ත්වය පිළි­බිඹු කරයි. එය සිය­ලුම වේදිකා හරහා කීර්ති­මත් Varietyහි වැඩි­පු­රම නර­ඹන ලද ප්‍රවාහ මුල් පිට­පත් ලැයි­ස්තුවේ 9 වන ස්ථානයේ සිටින එකම ඉන්දි­යානු චිත්‍ර­ප­ටය වීම මඟින් වාර්තා බිඳ දැමූ අතර, එය නැර­ඹීම් මිලි­යන 92.4ක් ලබා ගත්තේය. එය Netflixහි වසරේ වඩාත්ම සාර්ථක චිත්‍ර­ප­ට­ව­ලින් එකක් ලෙස සැලකේ.Ormax වාර්තා­ව­ලට අනුව, ඉන්දි­යාවේ සිය­ලුම ප්‍රවාහ වේදිකා හරහා 2024 දී Do Patti අංක 1 – වැඩි­පු­රම නර­ඹන ලද චිත්‍ර­ප­ටය සහ වඩාත්ම කතා­බ­හට ලක් වූ චිත්‍ර­ප­ටය විය. සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලට අනුව, එය 2024 දී වඩාත්ම කැමති චිත්‍ර­පට ලැයි­ස්තුවේ ඉහ­ළම 10 ලැයි­ස්තුවේ ද ඇතු­ළත් වේ.

දෙද­හස් විසි­හ­තර (2024) වසරේ තිර­ගත වූ චිත්‍ර­පට අත­රින් කාජල් සහ ක්‍රිති සනොන් ප්‍රධාන චරි­තය රඟපෑ ‘දෝ පට්ටි‘ වඩාත්ම පුළුල් ප්‍රති­චාර ලබා­ගත් සිනමා කෘති­යක් විය. වඩාත් ජන­ප්‍රි­ය­ත්ව­යක් ලබා ගැනී­මට සමත් වූ මෙම චිත්‍ර­ප­ටය ආක­ර්ෂ­ණීය ලෙස ප්‍රේක්ෂ­කයා ඇද බැඳ තබා­ග­න්නට සමත් විය. එය දැනට Netflixහි 2024 වසරේ වැඩිම පිරි­සක් නැරඹූ සිව්වන ඉන්දි­යානු චිත්‍ර­ප­ට­යයි.

‘දෝ පට්ටි‘ යනු නැර­ඹිය යුතු අපූරු චිත්‍ර­ප­ට­යක් යනු අවි­වා­දා­ත්ම­කය. අති­වි­ශිෂ්ට රංග­න­ය­න්ගෙන් ඔබ්බට, යමින් ආර­ම්භයේ සිට අව­සා­නය දක්වා ප්‍රේක්ෂ­කයා ග්‍රහ­ණය කර ගන්නා කතා­වකි. තිර රච­නය හොඳින් නිර්මා­ණය කර ඇති අතර, සැකය, හැඟීම් සහ සැහැල්ලු හාස්‍ය­ජ­නක අව­ස්ථා­වන් මිශ්‍ර කර ඇත. සින­මා­ක­ර­ණය මනෝ­භා­වය පරි­පූර්ණ ලෙස ග්‍රහ­ණය කර ගනි­මින් ආඛ්‍යා­නයේ පහ­ළට සහ ප්‍රවා­හ­යට අනු­පූ­රක වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!