සිනමාව, වේදිකාව සහ ටෙලි නාට්‍ය යන කලා ක්ෂේත්‍ර තුනේම දශක ගණනාවක අත්දැකීම් සම්භාරයක් හිමි කර ගත් දක්ෂ කලාකරුවකු වූ නලීන් ප්‍රදීප් උඩවෙල පසුගිය දා සියදිවි ගමන නිමා කළේය.
විශේෂයෙන්ම වේදිකා රංග ශිල්පියකු ලෙස ප්‍රකට වුවද, ඔහු වේදිකාව සිනමාව පුංචි තිරය හරහා සිය රංගන ශිල්පියකු සතු සුවිශේෂී ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තෙකි.
1969 මාර්තු 20 වැනි දින මාතලේදී උපත ලැබූ නලින් ප්‍රදීප් උඩවෙල ශ්‍රී ලාංකික සිනමාවේ, වේදිකා නාට්‍යයේ සහ රූපවාහිනියේ නළුවෙකු මෙන්ම වෘත්තියෙන් දේශපාලනඥයෙකි.
වේදිකාව තුළද සිය අනන්‍ය වූ රංගන හැකියාව පිළිඹිබු කළ වේදිකා නාට්‍ය අතර ජුරියා, කැලණි පාලම, මැන්ඩෙලා මැන්ඩෙලා, මේඝා, මෝදර මෝල, මී හරක්, හුණුවටයේ කතාව (නව), සෙවණැලි ඇඳි මිනිස්සු, සුද්දෙක් ඔබ අමතකයි වැනි නාට්‍ය විශේෂ විය.
නලින් ප්‍රදීප් උඩවෙල ඔහුගේ සිනමා ජීවිතය ආරම්භ කළේ 1998 දී ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද ජුලියට්ගේ භූමිකාව චිත්‍රපටයෙනි. ඉන් පසුව ඔහු රඟපෑ 2000 වසරේ තිරගත වූ උදයකාන්ත වර්ණසූරියගේ රාජ්‍ය සේවය පිණිසයි හි ජානකගේ හෙංචයියාගේ චරිතය බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නට විය.
ඉන් පසු රිදී තිරයේ ඔහුගේ භූමිකාව වූයේ 2001 දී බෙනට් රත්නයකගේ අස්වැසුම හි කසීම්ගේ භූමිකාවයි. 2007 දී මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂණය කළ තාරකා මල් හි කුමාරන් වූයේත් නලින් ප්‍රදීප් උඩවෙලයි. එමෙන්ම වාණිජ සිනමාවේ බොහෝ සෙයින් සාර්ථක වූ 2007 වසරේ තිරගත වූ උදයකාන්ත වර්ණසූරියගේ ආසයි මං පියාඹන්න හි සරත් ලෙස ඔහු කළ චරිතය ද ප්‍රේක්ෂක අවධානය තමන් වෙත නතු කර ගන්නට සමත් වූ නිර්මාණයක් විය. 2008 දී විජිත ගුණරත්නගේ වලාපටල චිත්‍රපටයේත්, 2011 දී කුසුම්චන්ද්ර ගමගේ අධ්‍යක්ෂණය කළ මුතු සලඹ චිත්‍රපටයේත්, ඔහු රංගනයෙන් දායක විය. 2014 වසරේ ජයනාත් ගුණවර්ධනගේ පරාවර්තන හි ජයසේන ලෙසත්, 2016 වසරේ උදයකාන්ත වර්ණසූරියගේ මධුර චාරිකා හි ජයේ ලෙසත්, 2019 දී ලලිත් පනාපිටිය අධ්‍යක්ෂණය කළ සංගිලි හි භික්ෂුව ලෙසත් ඔහු කළ චරිත අදටත් ප්‍රේක්ෂක මතකයේ තිබෙන නිර්මාණ විය. ඔහු රඟපෑ සිනමා නිර්මාණ අතරින් ආකර්ෂා, අංගාරා, ශේෂ සහ මාගම් සෝලි යන නිර්මාණ තිරගත වීමට නියමිත නිර්මාණ අතර වේ.
ටෙලි නාට්‍ය තුළ ඔහුගේ රංගන භූමිකාව විදහා දැක් වූ නිර්මාණ බොහෝ විය. ඒ අතර අකුරු මැකී නෑ, අපර්ණා, අපි අපි අතර, බාලොලි, බට්ටි, චකද්‍රංගි, දිය ගිනිසිළු, ඇහිපිල්ලමක් යට, ඇත් කඳ ලිහිණි, ගංදෑල නිසලයි, ඉර අවර, ඉසුරු පවුර, කළු කුමාරි, කසීසළු, කිඳුරු අඩවිය, කෝලම් කුට්ටම, මහතලා හටන, මීදුම වාගේ ඇවිදින්, මකුළු දැල්, මිල්ලෑව වලව්ව, මිණිගංදෑල, මොනරවිල, නිසලවිල, නොනිමි යාත්‍රා, පෙරමග සලකුණු, පිනිවැස්ස, පින්සර දොස්තර, ප්‍රකම්පන, රන් මෙහෙසි, රිදී ඉට්ටාකරය, සද්ගුණකාරයණා, සමනලයායෝගි, සමනල සිහිනය, සඳ හිරු තරු, සඳ නැති ලොව, සිහින දෙව්දූව, සිරි දේව් භවන, සුදු හාමිනේ, සුවඳ පද්ම, වසන්තය ඇවිල්ලා වැනි නිර්මාණ වල ඔහුටම අනන්‍ය වූ රංග විලාසයක් දැක ගන්නට හැකි විය.
සුමති සම්මාන උළෙලේ දී 1999 දී විකාශය වූ ‘නිසල විල‘ නාට්‍යය වෙනුවෙන් කුසලතා සම්මානයක් සහ සරසවිය සම්මාන උළෙලේ දී 2007 තාරකා මල් සහ ආසයි මං පියාඹන්න චිත්‍රපට වෙනුවෙන් කුසලතා සම්මාන දිනා ගන්නා ලදි.
නලින් ප්‍රදීප් උඩවෙල නම් කලාකරුවා පසු කලෙක සිය දේශපාලන මතය පෙරදැරිව දේශපාලන වේදිකාව මත ද දක්නට විය. 2014 දී සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී පක්ෂය යටතේ ඔහු පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාතට තරග කළේය. මැතිවරණයට පෙර, ඔහු හෝමාගම ප්‍රදේශයේ සංවිධායකවරයා විය. බස්නාහිර පළාත් සභාව සඳහා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය. එමෙන්ම මිය යන විටත් කොළඹ දිස්ත්‍රික් සජබ සංවිධායකවරයෙක් ලෙස ද සිටියේය.
අවසන් දින කිහිපය තුළ අසනීප තත්වයෙන් සිටි ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයනවිට 56 වන වියෙහි පසුවිය. නලීන් ප්‍රදීප් උඩවෙල මහතා දරුවන් දෙදෙනකුගේ පියෙකි.
ආවොතින් නොගොසින් බැරිය… එයයි සදාතනික සත්‍ය.. සිය රංගන ජිවිතයට මෙන්ම ජීවන රඟමඩලට සමුදුන් ආදරණිය සොඳුරු මානව හිතවාදී සුන්දර කලාකරුවණනි ඔබට සුබ ගමන්….
Silumina







