BREAKING NEWS
Search

ඇමෙරිකානු වෙන්ඩ ජනාධිපති ට්‍රම්ප් නූලෙන් බේරෙයි – වෙඩි වැදුනත් මෑන් කෙලින්..!

265

ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ වැදීමට නියමිත හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.

ඒ පෙනිසිල්වේනියාවේ පැවැති මැතිවරණ රැළියක් අතරතුරදීය.

වෙඩි උන්ඩයක් ට්‍රම්ප්ගේ කන අසලින් ගමන් කිරීම හේතුවෙන් ඔහුට තුවාල ලැබ ඇත.

කෙසේ වෙතත් ආරක්ෂක නිලධාරීන් වහා මැදිහත්වයේ ට‍්‍රම්ප් ආරක්ෂිතව එතැනින් ඉවත් කර ඇත.

වෙඩික්කරු ආසන්න ගොඩනැගිල්ලක වහලයේ සිට මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

ආරක්ෂා අංශ විසින් සිදු කරන ලද පෙරළා වැඩි තැබීමෙන් තුවක්කුකරු එම ස්ථානයේදීම මියගොස් තිබේ.

ඔහු සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇත.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ගෙන් නොසැලකිල්ල නිසා බවටද චෝදනා එල්ල වෙමින් තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!