BREAKING NEWS
Search

පාතාල තර්ජන මැද වසන්තගේ දේහය අසලදී අයෙක් අත්අඩංගුවට..!

23

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී සිදු කරන ලදී. අවසන් කටයුතු සිදු කිරීමට පෙර ජයරත්න මල් ශාලාවේ දේහය තැන්පත් කර තිබූ අවස්ථාවේ සැක සහිතව හැසිරුණ පුද්ගලයෙක් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ එම මල්ශාලාවේ ක්ලබ් වසන්තගේ දේහය තබා නොගන්නා ලෙස පාතාලයෙන් යයි පවසමින් අවස්ථා දෙකකදී නිර්නාමික දුරකථන ඇමතුම් ලැබී තිබීමේ පසුබිමකයි.

ඔහුගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු දැඩි පොලිස් ආරක්‍ෂාවක් මැද බොරැල්ල කනෙත්තේදී සිදු කෙරින.

‘මගේ පුතා කියා කියන්නෑ..’ වසන්තගේ මව අවමංගල සභාව අමතමින්..!

පාතාල ඝාතකයන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද වසන්ත පෙරේරාට තමන් මගේ පුතා යැයි තවදුරටත් නොපවසන බව ඔහුගේ මව විසින් සඳහන් කළාය.

‘ඔබතුමාට නිවන් සුව ලැබේවා’ යයි ප්‍රාර්ථනා කරන බවද ඇය සඳහන් කළේ ඝාතනයට ලක්වූ ක්ලබ් වසන්තගේ දේහය සම්බන්ධයෙන් වන අවමංගල සභාව අමතමිනි.

මේ පුණ්‍ය භූමියෙන් අසත්පුරුෂයන් දුරුවේයා යයිද ප්‍රාර්ථනා කරන බවද පැවසූ ඇය වසන්ත වන් පුතෙකු කිසිදු මවකට නොලැබෙනු ඇති බවත් එවැනි පුතෙකු ලැබුණේ තමාට පමණක් බවද කියා සිටියාය.

ඔහුගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී සිදු කරන ලද්දේ සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් දැඩි පොලිස් ආරක්ෂාවක් මැදයි.

 

උපුටා ගැනීම : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *