BREAKING NEWS
Search

නාඩගම් එපා.. තෙල් මිල අඩු කරනු’ ජනපතිගේ පරණ FB සටහන් ගලවයි…

118

 

 

 

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම්වල අතීතයේ පළ කරන ලද ඇතැම් සටහන් ඉවත් කරමින් සිටින බවට සමාජ මාධ්‍ය ජාල තුළ කතාබහක් සහ චෝදනාවක් මතුව තිබේ.
පසුගියදා රජය විසින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගැනීමත් සමඟ මෙම විවේචන වඩාත් තීව්‍ර වී ඇත.

ජනාධිපතිවරයා මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සමයේ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව තැබූ සටහන් මේ වන විට සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර යළි සංසරණය වෙමින් පවතී.

“නාඩගම් එපා, ඉන්ධන මිල වහා අඩු කරනු!” යනුවෙන් එදා තැබූ සටහනක් උපුටා දක්වමින්, වත්මන් මිල පාලනය සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න කරති.

ජනාධිපතිවරයාගේ නිල ගිණුම්වලින් එවැනි පැරණි සටහන් මැකී ගොස් ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් මෙතෙක් ප්‍රකාශයක් නිකුත් වී නොමැත.

Source – Laka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!