BREAKING NEWS
Search

පුතාව කොහේවත් ‍ගෙනියන්න දෙන්න එපා – පද්මේගේ අම්මාගේ ඉල්ලීමට පොලිසිය එකගවේ

4257

 

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සහ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (රහස් පොලිසියේ) රැඳවුම් භාරයේ පසුවන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා, රහස් පොලිස් භාරයෙන් පිටතට රැගෙන නොයන බවට බලධාරීන් විසින් දී තිබූ පොරොන්දුව දෙසැම්බර් මස 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම නියෝගය නිකුත් කෙරිණි.

 

ඒ, රැඳවුම් භාරයේ සිටින තම පුත්‍රයාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, ඔහුව රඳවා සිටින ස්ථානයෙන් පිටතට ගෙන යාම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සැකකරුගේ මව විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් ඊයේ (23) කැඳවූ අවස්ථාවේදීය.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා, තම සේවාදායකයාගේ පුත්‍රයාව රහස් පොලිසියෙන් පිටතට රැගෙන නොයන බවට වගඋත්තරකරුවන් මීට පෙර අධිකරණයට ලබාදුන් පොරොන්දුව මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියේය.

වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා එම ඉල්ලීමට සිය එකඟතාව පළ කළේය. ඒ අනුව, අදාළ පොරොන්දුව දෙසැම්බර් 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට නියෝග කළ විනිසුරු මඩුල්ල, පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා එදිනම යළි කැඳවන ලෙස ද නියම කළේය.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!