BREAKING NEWS
Search

ජනාධිපති මන්දිර දෙකක් පමණක් තියාගනී – අනෙක් මන්දිර, බංගලා වෙන වැඩවලට..!

30

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පරිපාලන බලධාරීත්වය යටතේ රජයේ බංගලා නිවාස 50 ක් කොළඹ 07 සහ 05 යන ප්‍රදේශ වල පිහිටා ඇත.

හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාක්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා මෙම බංගලා නිවාස වෙන් කිරීම සිදු කර තිබේ.

එසේම, ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරීත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශ වල ජනාධිපති මන්දිර පිහිටා ඇත.

එහෙත්, කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තර භාවිතයට ගෙන නොමැත.

ඊට අමතරව, රාජ්‍ය නායකයින් ගණනාවකගේ නිල නිවස ලෙස භාවිතයට ගත් කොළඹ 02 හි පිහිටා ඇති විසුම්පාය මේ වන විට නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලන බලධාරිත්වය යටතේ පවතී.

එසේම, අග්‍රාමාත්‍ය කාර්යාලයේ පරිපාලන බලධාරිත්වය යටතේ නුවරඑළියේ අග්‍රාමාත්‍ය නිල නිවාසයක් පවතී.

එකී රජයේ දේපළ නඩත්තුවට විශාල මුදලක් වැය කර ඇති නමුත්, එම දේපල ඌන උපයෝජන තත්ත්වයක පවතී.

එබැවින්, එම පරිශ්‍රයන් හා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීමට හැකි වන පරිදි යෝග්‍ය ක්‍රම වේදයක් යෝජනා කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපති සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *