BREAKING NEWS
Search

සයිප්‍රසයේ ඇක්‍රොටිරි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට ඩ්‍රෝන පහර – ඉරානය සම්බන්ධතාවයක් නැහැ

315

 

සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි ඇක්‍රොටිරි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පෙරදා (දෙවැනිදා) පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් එවා නොමැති බව සයිප්‍රස් ආරක්ෂක අමාත්‍යංශය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අමාත්‍යංශ ප්‍රකාශයට අනුවයි.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය එය කවුරුන් විසින් මෙහෙයවූයේද යන්න පිළිබඳව තවමත් නිවේදනයක් නිකුත් කර නැත. පහරදුන් යානය “ෂහෙඩ්” (Shahed) වර්ගයට අයත් නියමුවන් රහිත යානයක් බව සඳහන් වේ.

මෙම අනතුරින් කඳවුරේ දේපළවලට සුළු හානි සිදුවූ බව සයිප්‍රස් ජනාධිපති **නිකොස් ක්‍රිස්ටෝඩෝලයිඩ්ස්** සිය X ගිණුමෙන් ප්‍රකාශ කළේය. එමෙන්ම, සයිප්‍රසය කිසිදු මිලිටරි මෙහෙයුමක සම්බන්ධ නොවන බව ඔහු අවධාරණය කළාය.

පහර දැමීමෙන් පසු, බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින්, කඳවුරේ සිටින හමුදා සාමාජිකයින් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බව පවසයි.

එමෙන්ම, ගුවන් තර්ජන වලින් කඳවුර ආරක්ෂා කිරීම සඳහා රාජකීය නාවික හමුදා වයිල්ඩ්කැට් හෙලිකොප්ටර් ඉදිරි දිනවලදී සයිප්‍රසයට පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!