BREAKING NEWS
Search

ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් අසමත් වෙයි ඊශ්‍රායල්-හිස්බුල්ලා ගැටුම් දැඩි වෙයි

296

 

ඉරානයට එරෙහි යුද්ධ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සීමා පැනවීමට අරමුණු වූ යෝජනාව අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කොංග්‍රස් අනුමැතියකින් තොරව යුද ක්‍රියාමාර්ග නවතා දැමීමට ඉදිරිපත් වූ මෙම යෝජනාව සෙනට් හිදී 47 ක් පක්ෂව සහ 53 ක් විපක්ෂව ඡන්දය දැමීමෙන් පරාජයට පත්විය.

මෙම පරාජයත් සමගම, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල් විසින් ටෙහෙරාන් නගරය ඉලක්ක කර නව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවයි. එමෙන්ම, ලෙබනනයට එල්ල කරන ප්‍රහාරද දැඩි කරමින් තිබේ. මේ වන විට, ගොඩබිම් මාර්ගයෙන් එල්ල වු ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

හිස්බුල්ලා සංවිධානයගේ නායක නයිල් කසේම් ප්‍රකාශ කළේ, ඊශ්‍රායල් හමුදා එල්ල කරන ප්‍රහාර නතර කිරීමට ඔවුන් සූදානම් නොවන බවයි. දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සහ ඊශ්‍රායල් හමුදා අතර ගැටුම් දැඩිව පවතින බවද වාර්තා වේ.

එම අතර, සෞදි අරාබියාවට එල්ල වූ ක්‍රූස් මිසයිල් 3ක් අමාත්‍යාංශයේ වාර්තාවකට අනුව විනාශ කිරීමට සමත් විය. විශේෂයෙන් අල් කරාජ් නගරය ඉලක්ක කළ මිසයිල් තොගය මෙලෙස කඩදාසි කර තිබේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!