පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඉස්මත්තේ පවතින ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත් සුදු අරලිය හෝටලය කඩා ඉවත් කළ නොහැකි බව පොලොන්නරුව දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිෂ්ණරූබන් මහතා කියයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල් කාන්ත මහතා වැව් රක්ෂිත මායිම් අලුතින් සටහන් කිරීම ආරම්භ කිරීමත් සමග සුදු අරලිය හෝටලය කඩා ඉවත් කිරීමට සිදුවන බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ කරුණු විමසීමකදීය.
වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මෙම භූමිය 1977 වර්ෂයේදී සංචාරක මණ්ඩලයට වෙන්කළ භූමියක නිත්‍යනුකූලව ඉදිකළ ඉදිකිරීමක් බවය. එහෙත් ඊට වැඩිපුර ඉඩම් අත්පත් කරගෙන සිටීද යන්න තහවුරු කරගැනීමට නැවත මැනීමක් සිදු කරන බව ද හෙතෙම කීය.
ඊට අමතරව වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් පිළිබඳ විමසූ අවස්ථාවේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ටිරෝෂි වෑදණ්ඩ මහත්මිය සඳහන් කළේ නුවර වැව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් 712ක් පවතින බවයි.
සමීර කන්නන්ගර
Source – Divaina







