BREAKING NEWS
Search

සබීතාට හා සැමියාට EPF එකින් නඩු

1791

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් ප‍්‍රවීණ නිළි සබීතා පෙරේරා, ඇගේ සැමියාට සහ ඔවුන්ගේ ආයතනයකට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු 02 ක් ගොනු කර ඇතැයි වාර්තාවේ.

 

රුපියල් ලක්ෂ 07 කට අධික අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් සේවා
නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති සෝමසිරි ඒකනායක විසින් මෙම නඩු දෙක අධිකරණය හමුවේ පවරා තිබේ.

 

එම නඩුකර දෙකේ විත්තිකරුවන් ලෙස අංක 286 ශ‍්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පදිංචි ප‍්‍රවීණ නිළි සබීතා ජානකී පෙරේරා, ඇයගේ සැමියා වන දොන් උපාලි ජයසිංහ සහ ඔවුන්ගේ දෙමටගොඩ, බේස්ලයින් පාරේ පිහිටි DP Jayasinghe Piling Co – Pvt Ltd පුද්ගලික ආයතනය නම්කර තිබේ.රුපියල් පන්ලක්ෂ හැත්තෑතුන්දහස් හත්සිය අනූවක (573,790) අධි භාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එක් නඩුවක් විත්තිකරුවන්ට එරෙහිව පවරා තිබූ අතර රුපියල් එක්ලක්ෂ විසිනව දහස් නවසිය අනූවක (129,990) අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අනෙක් නඩුව විත්තිකරුවන්ට එරෙහිව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් පවරන ලදී
මින් ඉහත සබීතා හා සැමියා ගැන මාධ්‍ය වාර්තා පළවූයේ හිටපු කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායකගේ සහ‍යෝගයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා යොදාගත් බව කියන මොවුනට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් ගැනයි. එම ගොඩනැගිල්ලට අධික පිරිවැයක් යෙදීම නාස්තියක් ලෙස පෙන්වාදී තිබූ අතර පසුකාලීනව එම ගොඩනැගිල්ලෙන් රජය ඉවත් විය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!